ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අවතීර්ණවූ පසු ඒ පිළිබඳ විස්තර අදාළ කමිටුවලට ලබාදීමට සූදානම් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
දැනට තිබෙන්නේ එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන ඇති කාර්ය මණ්ඩල ගිවිසුම සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම පිළිබඳ ප්රශ්නය කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී නැගූ බවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර සභානායකවරයාද, මුදල් අමාත්‍යංශයද පිළිතුරු දී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.