ජීනිවා හි දී ශ්‍රී ලංකා රජයට අත්වූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වන සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් පවසන්නේ, මානව හිමිකම් අමු අමුවේ කඩකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආණ්ඩුවේ ගෙනයන මර්ධනකාරී පාලනය නිසා මෙවැනි ජාත්‍යන්තර විරෝධයක් මතුව ඇති බවයි.
සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසිය.
” වර්තමාන රජය බලයට පත්වුණාට පස්සේ විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්වුණාට පස්සේ සිදු වන මර්දනයන්, අණ පනත් හරහා සැලසුම් කරන මර්ධනයන්, මේ කියන කාරණා ඔක්කොම බලපානවා.
විශේෂයෙන්ම රහස් පනත යටතේ අධි ආරක්ෂිත කලාප ගෙනල්ලා, කතා කිරීමේ අයිතිය ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම, භාෂණයේ නිදහස නැති කිරීම, ඒ වගේම තමන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඒ වගේම තමාගේ අනාගත අයිතිය වෙනුවෙන් අරගල කරපු තරුණ තරුණියන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පත් ගෙනහල්ලා විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම, ඒ වගේම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් අහිමි කිරීම වැනි කාරණා මේ සඳහා බලපෑවා.
විශේෂයෙන්ම මේකෙ බලපෑම තමයි මෙවැනි යෝජනාවක් ලංකාවට විරුද්ධව මානව හිමිකම් කොමිසමේදී සම්මත උනහම අපේ රට මේ වෙලාවේ වැටිල තියෙන ආර්ථික අර්බුදයටත් මේක බලපානවා.”