දෙනෝදාහක් ඇස් වළින් වසන් වූ පිටකොටුවේ නාන ළිං ගැන කතාවයි මේ …

267
Published on October 17, 2022 by

 

ක්ලෝරින් මුසු ජලයෙන් හැමදාම නාන කොලොම්පුරේ මිනිසුන්ට  සීතල ළිං වතුරෙන් නාන්න ඇත්නම් කොහොම දැනෙවිද? ඒත් මේ කොලොම්පුරේ එවැනි ස්ථානයකින් නාන්න ලැබීමත් හීනයක් කියලයි අපට හිතෙන්නේ..අපට එහෙම හිතුනත් කොලඔ ඇති එවැනි සුන්දර ස්ථානයක් සොයාගෙන යන්නයි අද අපගේ සූදානම..
පිටකොටුව ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිට ඇවිද යන දුරින්,එනම් මීටර් 100ක පමණ දුරකින් පිහිටා ඇති මෙම නාන ලං  වසර 100කට එහා ඉතිහාසයකට උරුම කම් කියයි.මෙම නාන ලිඳ අවට මිනිසුන්ට මෙන්ම දුර බැහැර සිට පැමිණෙන අයටද මුදල් ගෙවා ස්නානය කර ගැනිමටත් ,රෙදි සෝදා ගැනීමටත් හැකි කදිම ස්ථානයක් . මෙහි එක දිගට ,එකිනෙකට යාබදව සිමෙන්තියෙන් බැඳ ඇති විශාල ටැංකි කිහිපයක පොම්ප මඟින් ජලය පොම්ප කර ඇති අතර රුපියල් 200 ක් වැනි ඉතා සුළු මුදලකට  නා ගැනිමටත් , රෙදි සෝදා ගැනිමටත්, අවශ්‍ය නම් රෙදි අයන් කරවා  ගැනිමටත් හැකියි.මේ සියළුම සේවාවන් සමඟ සනීපාරක්ෂක  පහසුකමුත් සපයන මෙහි , දියසෙවල , පාසි බැදිමෙන් තොරව  ඉතා පිරිසිදුව නඩත්තු කටයුතු කරන අතර  මෙහි සේව්‍ය සේවකයින්  මෙහි පැමිනෙන සේවා දායකයින්ට උපරිම සුහද ශිලි සේවාවක් ලබා දීමට සැදි පැහැදී සිටීම ද පැසසුමට කරුණකි. විශේෂ ම කරුණ නම් මෙහි මුණ කට සේදිමට මුදල් අය නොකිරිමයි..පාරම්පරිකව පැවත එන මෙම කර්මාන්තය අතීතයේ විශාල පිරිසක් මෙහි  ස්නානය සහ සේවා සපයා ගැනීම සඳහා පැමිනියත් වර්තමානයේ පවතින ආර්ථික කඩා වැටීමත් , කොරෝනා ව්‍යවසනයත් යන හේතු නිසා  මේ වන විට මෙය පවත්වාගෙන යාම ඉතා අසීරු වීම කනගාටුවට කරුනකි. කෙසේ වෙතත් කොලඹට සම්පතක් සේම මහජනතාව ට අතිශය වැදගත්  වන මෙම කර්මාන්තය  රැක ගැනිම බලදාරින්ගේ ද යුතුකමක් නොවේද ?
Category Tag