ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ කොළ ඇපල් වගාවක මුල් පලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.
ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරැඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව පවසා සිටියේය.
ඇපල් බීජ මෙරටට ගෙන්වා පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු පලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා එහිදී සඳහන් කළේය.
මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් හෙතෙම කියා සිටියේය. කොළ ඇපල් පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා ගොවි මහතා ඉදිරියේදීම එහි රස බැලීමටද අමතක නොකළේය.