කෝප් කමිටු සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්වන බවට තමන් පෙරේදා කළ අනාවැකිය යථාර්ථයක් වී ඇති බව විමල් වීමල් වීරවංශ පාර්ලිමේන්තුවේදි පැවැසීය.
“පෙරේදා කෝප් කාරක සභාව පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඇතිවුණා. ඒ වෙලාවේ මම කිව්වා ආණ්ඩුවේ ඉදලා විපක්ෂයට ආපු කිසිම කෙනෙක්ට ඒකේ නියේාජනයක් දීලා නෑ ඒකේ දීලා තියෙන්නේ මොල හතානෝගේ ගෝලයන්ට විතරයි කියලි.
ඒ වගේම මහාචාර්ය රංජිත් බණ්ඩාර සභාපති කරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මම පෙරේදා කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාක්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ කාරක සභා පත්වෙන්නේ.”