විපක්ෂය පාර්ලිමේන්තුව දෙවනත් කරයි – හර්ෂට මල පනි, ආණ්ඩුවට දෙහි කපයි

444
Published on October 7, 2022 by

 

”ඔබතුමා සැරට කතා කළාට  මට  කාලය දෙන්න නම්  කොහෙත්ම බැහැ” යැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට  පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය අනුව පැස්කුවල් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී  විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම  අදහස් දැක්වීමට  උත්සාහ දැරූ අවස්ථාවේදීය.

මෙහිදී වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් අදහස් දැක්වූ අනූප පස්කුවල් පැවසුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා එහි සමාජිකයන්ගෙන් නොවිමසා  අත්තනෝමතික තීන්දු තීරණ ගන්නා බවයි.

එම තීරණ හේතුවෙන්  තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා
සිද්ධිය පිළිබඳව විශේෂ කාරක සභාවක් පත්කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද  කියා සිටියේය.

 

Category Tag