සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානයකවරයා අද (නොවැ. 23) පියවර ගත්තේ ය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ ඔහු අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙනි.
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් මන්ත්‍රී නිමල් ලන්සා පළ කළ අදහස් සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමකදී මන්ත්‍රී චමින්ද විජේසිරි සිය අසුනෙන් නැගිට ඊට විරෝධය පළ කළ අතර එම අවස්ථාවේදී ඔහු මන්ත්‍රී නිමල් ලන්සා ට පහර දීමට තැත් කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
එහිදී පාර්ලිමේන්තුව ද උණුසුම් විය.
කතානයක: කරුණාකරලා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පැත්තකට වෙන්න ඔතනින්.
සුසිල් ප්‍රේමජයන්ත: ගරු කතානායක තුමනි, මම අවධානයට යොමු කරනවා ගරු මන්ත්‍රීතුමාගේ හැසිරීම. ඔහුගේ අසුනෙන් නැගිට පහර දීමට ගියා අනෙක් මන්ත්‍රීවරයා වෙත. වහා ම මේ ප්රශ්නය යොමු කරන්න පාර්ලිමේන්තුවේ විනය කමිටුවට. අර වෙලෙත් ඉන්නවා මේ වගේ අය. අර බානට බැඳලා. මොක්කු ද මේ? ඔබතුමාලටත් ලජ්ජා වෙන්න මුන් හින්දා.
දිනේෂ් ගුණවර්ධන: වහා ම පිට කරන්න සභාවෙන්.
කතානයක: මට දැන් තමුන්නාන්සේව එළියට දාන්න වෙනවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමා කරුණාකරලා සභාවෙන් එළියට යන්න.
සුසිල් ප්‍රේමජයන්ත: ගහන්න පුළුවන් ද? හරි, ගහන්න පුළුවන් ද? Then he must be given to withraw that.
කතානයක: කරුණාකරලා සභාවෙන් එළියට යන්න ගරු මන්ත්‍රීතුමා. එළියට ගිහිල්ලා ඔය රණ්ඩුව කරගන්න.
දිනේෂ් ගුණවර්ධන: Ask him to leave.
සුසිල් ප්‍රේමජයන්ත: මේ මේ, මී හරකෙක් නේ.