කෝප් කමිටුවේ විමර්ශනයට ලක් වන අමාත්‍යාංශවල නිසි අයුරින් විමර්ශනයක් සිදුවේ යැයි පිළිගත නොහැකි බව මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.
මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කරන ලද කෝප් කමිටුවේ සභාපති ධුරයට යෝජනා වූ නම වූයේ මහාචාර්ය රංජිත් බණ්ඩාරයි.
එය හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ස්ථීර කරනු ලැබුවා.
නමුත් කෝප් කමිටුව යටතට විමර්ශනයට එන අමාත්‍යාංශ සියල්ලම පාහේ පෙර ඇමතිකම් දැරූ පුද්ගලයින්ගෙන් මිදී විමර්ශනයට පැමිණීම කෙතරම් විහිළුසහගත කාරණාවක් දැයි මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රශ්න කර සිටිනවා.
මේ හේතුවෙන් එම පිළේම පිරිස් කෝප් කමිටුවට තේරී පත්වීමෙන් විමර්ශන මගින් සාධාරණයක් සිදු වේ යැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.