පාර්ලිමේන්තු මුලාසනාරූඪ මන්ත්‍රීවරයා අතින් තවත් මන්ත්‍රීවරයෙක් කෙරෙහි අගතියක් සිදු වන්නේ නම් එම අගතිය විසඳීමේ ප්‍රධානියා ලෙස කතානායකවරයා පෙනී සිටිය යුතු බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
ඊයේ (4) දිනයේ දී පාර්ලිමේන්තුවේ මුලසුන හෙබවූ අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා සමඟ ඇතිවූ බහින් බස් වීම සම්බන්ධයෙන් අවධානයට යොමු කරමින් ඔහු මේ බව පැවසී ය.