‘එක්ව නැගිටිමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (16) නාවලපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී නාවලපිටිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයකට සහභාගී වී සිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ජිවන වියදම එරෙහිව, සමගි ජන බලවේගය විසින් අද පෙරවරුවේ නාවලපිටිය නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වූ සමගි ජන බලවේග නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු එම පක්ෂයේ ක්‍රියකාරීන් 15 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.