මරා දැමූ මාධ්‍යවේදී නිමලරාජන්ට යුක්තිය ඉටුනොවී අවුරුදු 22යි

298
Published on October 20, 2022 by

 

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා වසර විසි දෙකක් ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදියකු උතුරු හා නැගෙනහිරදී  සමරා තිබේ.

වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිබය, සරල මාධ්‍යවේදියකු වූ නිමලරාජන් මයිල්වාගනම් මලින්, පහනින් ඔක්තෝබර් 19 බදාදා සමරා ඇත්තේ යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය සහ මඩකලපුව මාධ්‍ය සමාජය විසිනි.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී මාධ්‍යවේදීයාට  උපහාර දැක්වු මඩකලපුව දෙමළ මාධ්‍ය සංගමය, හා මඩකලපුව මාධ්‍ය සමාජය හා ඉල්ලා සිටියේ එම ඝාතනයට වග කිව යුත්තන් ලෝකය හමුවේ හෙළි කරන ලෙසයි.

යාපනය මාධ්‍ය සමාජයත්, මුලතිව් මාධ්‍ය සමාජයත් සිය කාර්යාල තුලදී නිමලරාජන් අනුස්මරණය කිරීමට කටයුතු  කර තිබේ.

Category Tag