රක්ෂිත බන්ධනාගාරය තුළ දී වත්කම් හිමි හා අහිමි පන්ති දෙකකට දෙවිදිහකට සලකන අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්ව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
” අවුරුදු එකසිය දෙකකුත් මාස හයකට පස්සෙ මේ බන්ධනාගාර වලට අදාල නීතියක් වෙනස් කරල ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. ” ඔහු කියා සිටියි.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පුබුදු මෙසේ සඳහන් කළේය.
”විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ අත්සනින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 2288/15 කියලා. මේ අති විශේෂ ගැසට් නිවේදනය මගින් වෙනස් කරලා තියෙන්නේ 1920 මාර්තු 19 වැනිදා නිකුත් කරපු ගැසට් නිවේදනයයි. අවුරුදු එකසිය දෙකකුත් මාස හයකට පස්සෙ මේ බන්ධනාගාර වලට අදාල නීතියක් වෙනස් කරල ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ.
මේ නීතිය වෙනස් කරලා තියෙන්නේ කොයි පැත්තටද. ඒක වෙනස් කරල තියෙන්නෙ විශේෂයෙන් වරදකරුවන් ලෙස අධිකරණයෙන් දඬුවම් නියම කරපු සිරකරුවන් සම්බන්ධයෙන් නෙවෙයි. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවමත් වැරදිකරුවන් ලෙස ඔප්පු වෙලා නැති නඩු කටයුතු පවතින අයට තමයි මේ වෙනස් නීතිය පනවලා තියෙන්නේ.