අරගලය නිසා ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්රමසිංහ හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගල කරුවන්ට වැඳිය යුතු යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙව් ජනාධිපතිවරයා අද අරගලය මර්දනය කිරීමට හමුදාව පොලිසිය යෙදවීම ගැන කතා කිරීම කනගාටු දායක බවද විජිත හේරත් කීය.
අරගලය ඕපපාතික එකක් නොවේ යැයි ද දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදු වූයේ අරගලය නිසා යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ තරුණ තරුණියන් කළ කැප කිරීම නිසා බව ද විජිත හේරත් කීය.