වත්මන් රජය රැකගෙන, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වමින් ඉදිරියට යාමට කටයුතු කරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
“තමුන්නාන්සෙලා දන්නවා, අද අභියෝග රාශියකට අපි මුහුණ දෙනවා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපට ශක්තිය තියෙනවා. ඒ ශක්තිය මත අපි ඒ අභියෝග ජයග්‍රහණය කරමින් මේ රටේ ජනතාවට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනෙ. ආණ්ඩුවක යුතුකම ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන් ඉටුකිරීම කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා අද අපි කාර්යභාරය ඉටුකරන්න පියවර අරන් තියෙනවා. අපි එකතුවෙලා මේ රජය රැකගෙන, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල …. අපි එදා නම් රනිල්ට බැන්නා. රනිල් යූඑන්පී කාරයායි කියලා. දැන් ඉන්නෙ රනිල් අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලායි කියලායි මම විශ්වාස කරන්නෙ. අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරනවායි කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම කතාව අවසන් කරනවා”
මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (08) කළුතරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජන රැළියක් අමතමිනි.