ද්විත්ව පුරුවැසිකම ගැන කියමින් ගීතා ගෙන් බැසිල්ට ප්‍රහාරයක් – බොරු ගුණ්ඩු එපා

289
https://youtu.be/47bP_imW6pE
Published on October 21, 2022 by

 

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මහින්දානන්ද ඇතුළු පිරිසක් එදින තමා සිටින්නේ කොහිදැයි සොයා බලා තිබූ බව කී ගීතා කුමාරසිංහ එහෙත් තමා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව තරයේ සිතාගෙන සිටි බව කීවාය.

20 වන සංශෝධනයට ඡන්දය නොදීමේ “රිටන් එක” පසුව තමාට ලැබුණු බව කී ගීතා කුමාරසිංහ එදා පනස් දෙකකට නියෝජ්‍ය,රාජ්‍ය ඇමතිකම් ලැබෙද්දී තමාට කිසිවක් නො ලැබුණු බවත් දේශපාලනේ කියන්නේ එය බවත් සඳහන් කළාය.

Category Tag