මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් ගොඩනංවා ගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂ ඇතුලු කණ්ඩායම් සඳහා ආරාධනා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීම සහ රජය එහිදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.