කංචන දායසිරි දරුණු ගැටුමක් : තෙල් අර්බුධය දායාසිරිගේ ගෙදරින් අවසන්වෙයි – සම්පුර්ණ කතාව මෙන්න

289
Published on October 6, 2022 by

 

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අතර පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ලංකාවට ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් මෙන්ම දයාසිරි ජයසේකර තවදුරටත් රාජ්‍ය අමාත්‍ය නිල නිවසක රැදී සිටීම සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

කංචන විජේසේකර සඳහන් කළේ මීට මාස හයකට පෙර ආණ්ඩුවෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිවස රැදී සිටින බවයි.

එයට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවැසුවේ තමන්ට කොළඹ නිවසක් නොමැති බවත් නිවසක් හෙට ලැබෙන්නේ නම් තමන් හෙට උදේ නිල නිවසින් ඉවත් වන බවයි.

එසේම තමන්ට ලැබී ඇති විදුලි බිල තමාට පෙර සිටි අමාත්‍යවරුන්ටගේ බිලත් එකතු වී ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යධුරයෙන් ඉවත් වූ නාමල් රාජපක්ෂ ද තවදුරටත් රැදී සිටින්නේ ඔහුට අමාත්‍යවරයෙක් ලෙස හිමිවූ නිල නිවසේ බවද දයාසිරි ජයසේකර පැවැසීය.

Category Tag