එක පැත්තකින් පවුල් වාදය අනිත් පැත්තේ රොමැන්ටික් විප්ලවවාදය – ගත්ත අමාරුම තීන්දුව චරිත කියයි

277
Published on November 15, 2022 by

ජනවාර්ගිකත්වය මත බෙදුනු රට ස්වදේශීකත්වය මත එක්කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ‘නිදහස ජනතා සභාව’ විසින් ඊයේ (නොවැම්බර් 13) දිනයේ ජනගත කරනු ලැබිය.

ඒ, නිදහස ජනතා සභාව මගින් සකස් කළ ‘නිදහසට පෙරවදනක්’ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්ම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදීය.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (13) මෙම උත්සවය පැවැත්විණ.

මෙම උත්සවයේදී ප්‍රධාන පත්‍රීකා දෙකක් ජනගත විය. එහි එකක් වූයේ “දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වූ ප්‍රතිපත්ති රාමුව” (Framework for Political Reform) යන්නය. එය හදුන්වා දෙමින් මහාචාර්ය චරිත හේරත් අදහස් ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික ගැටලුව වෙනමම රැගෙන විසදිය නොහැකි බවත් එය දේශපාලන ප්‍රතිසංස්කරණ සමග එකට විසදිය යුතු බවත්‍ ඔහු එහිදී අවධාරණය කළේය.

එසේම ඔහු තවදුරටත් පැවසුවේ රටේ ප්‍රධාන ගැටලු කීපයක් පිළිබදව දේශපාලන ප්‍රතිසංස්කරණමය කෝණයකින් විසදිය යුතු බවයි. ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය, වෙළදපොල ආර්ථික ක්‍රමය සහ රාජ්‍යය අතර සම්බන්ධතාව, විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ සංශෝධනය වැනි කරුණු මුලික  බව ඔහු පෙන්වා දුන්නේය.

Category Tag