ඇප ලබා එළියට ආ හිරුණිකා මාධ්‍යයට කියූ

264
Published on November 16, 2022 by

අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ අද නියෝග කළේ ය.

ඇය ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැණුනේ ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟ දැක්වීමට ගිය අවස්ථාවේයි.

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

Category Tag