මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මෙරටට ගෙන්වීමට නොහැකිව ඇත්තේ සිංගප්පූරුව සමඟ පවතින උදර්පණ නීතිය සම්බන්ධයෙන් ඇති ගැටලුකාරී තත්වය නිසා ද එසේත් නැතිනම් වෙනත් හේතුවක් මතදැයි පාර්ලිමේන්තු මන්ත්රිනී හරිනි අමරසූරිය අද (5) පාර්ලිමේන්තුවේ දී ප්රශ්න කර සිටියා ය.
ආණ්ඩුව බලයට පත්වීමට පෙර මහ බැංකුවේ හිටපු අධිපති මෙරටට ගෙන්වන බවට විශේෂ පොරොන්දුවක් ලබාදුන් නමුත් බලයට පත්වී වසර දෙකක් ගතවී ඇතත් ආණ්ඩුව එය කිරීමට අපොහොසත් වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.